
උණුසුම් පුවත්
රයිස්, කොත්තු සහ ප්ලේන් ටී මිල ඉහළට – අද මධ්‍යම රාත්‍රියේ සිට නව මිල ගණන්
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට රයිස් සහ කොත්තු වර්ගවල මිල රුපියල් 30කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේ, කෙටි කෑම වර්ගවල මිලද රුපියල් 10කින් ඉහළ නැංවීමට තීරණය කර ඇති බවයි.
ඒ අතරම, ප්ලේන් ටී සහ කිරි තේ එකක මිලද රුපියල් 5කින් වැඩි කර ඇති අතර, නව මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන බව ද වැඩිදුරටත් සඳහන් වේ.



