
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
පසුගියදා කාර්මික දෝෂයක් හේතුවෙන් සේවාවන් ලබාගැනීමට අපොහොසත්වූ පිරිස් වෙත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනූව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ විශේෂ නිවේදනයකට අනුව, එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන් වේ.
මෙම තත්ත්වය හේතුවෙන් 2026 මාර්තු 23, 24 සහ 26 යන දිනවල එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් (NIC) ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන් සඳහා විශේෂ පහසුකමක් සලසා ඇත. ඒ අනුව, එම පුද්ගලයන්ට පමණක් හෙට (මාර්තු 30) දින එක්දින සේවය යටතේ හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
අදාළ සේවාව ලබා ගැනීමට, අවශ්‍ය සියලු ලේඛන සමඟ බත්තරමුල්ල සුහුරුපාය ප්‍රධාන කාර්යාලයට හෝ අදාළ පළාත් කාර්යාල වෙත පැමිණිය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම, 2026 මාර්තු 31 වන දින සිට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ සියලු පළාත් කාර්යාලවල එක්දින සේවය සාමාන්‍ය පරිදි නැවත ආරම්භ වන බව ද දැනුම් දී ඇත.
කෙසේ වෙතත්, ජාතික හැඳුනුම්පත් තොරතුරු සත්‍යාපනය කිරීම, ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම ඇතුළු අනෙකුත් සේවාවන් මේ වන විට සීමිතව පවත්වාගෙන යන බැවින්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වෙනත් විකල්ප ක්‍රමවේද භාවිතා කරන ලෙසට ඉල්ලා සිටී.
තවද, සාමාන්‍ය සේවා සහ පෙරටු කාර්යාල කටයුතු 2026 අප්‍රේල් 06 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත අතර, පද්ධතිය සම්පූර්ණයෙන් යථාවත් වීමෙන් පසු සියලු සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනු ඇත.



