
ඉන්දියාවෙන් ඉන්ධන ටොන් 38,000ක් රැගත් නෞකාව දිවයිනට – ජනපතිගේ ස්තූතිය
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ඉන්ධන සැපයුම් අර්බුදයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් එවූ ඉන්ධන නෞකාවක් ඊයේ (28) මෙරටට ළඟා වූ අතර, ඒ සම්බන්ධයෙන් ජනාධිපති මහතා සිය ස්තූතිය පළ කර තිබේ.
ජනාධිපතිවරයා සිය X (පූර්ව Twitter) ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ඉන්ධන සැපයුම සම්බන්ධ ගැටලු පිළිබඳව දින කිහිපයකට පෙර ඉන්දීය අග්‍රාමාත්‍ය මහතා සමඟ දුරකථන සංවාදයක් පැවැත්වූ බවයි. එහිදී ඉන්දියාව විසින් ලබාදුන් කඩිනම් සහයෝගය පිළිබඳවද ඔහු කෘතඥතාව පළ කර ඇත.
එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මෙට්‍රික් ටොන් 38,000ක ඉන්ධන රැගත් නෞකාවක් මෙරටට ළඟා වූ අතර, ඒ අතරට ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් ඇතුළත් වේ. මෙම සහයෝගය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය මහතාටද ජනාධිපතිවරයා සිය ස්තූතිය පළ කර තිබේ.
තවද, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මීට පෙර සඳහන් කර තිබුණේ, මෙම ඉන්ධන නෞකා මෙරටට ළඟා වීම ඉන්ධන හිඟය පාලනය කිරීම සඳහා වැදගත් පියවරක් වනු ඇති බවයි.



