ප්‍රධාන පුවත්

පංචිකාවත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමක් හෙළිවේ – කාන්තාවක් අත්අඩංගුවට

සංස්කරණය කළ පුවත් වාර්තාව:

පංචිකාවත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පිටකොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදු කළ මෙම මෙහෙයුමේදී, වයස අවුරුදු 34ක් වන පංචිකාවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 710 මිලිග්‍රෑම් 603ක්, හෙරොයින් ග්‍රෑම් 934 මිලිග්‍රෑම් 575ක් සහ හෑෂ් ග්‍රෑම් 300 මිලිග්‍රෑම් 575ක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

ඊට අමතරව මත්පෙති 300ක්, විද්‍යුත් තරාදියක්, මුදල් ගණනය කිරීමේ යන්ත්‍රයක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ඇතැයි සැලකෙන රුපියල් 8,59,730ක මුදලක් සහ ජංගම දුරකථන 6ක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකාරිය අද (28) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පිටකොටුව පොලිසිය විසින් සිදු කරමින් පවතී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button