
ප්‍රධාන පුවත්
යල කන්නයේ ලුණු අස්වනු ආරම්භයි – මෙරටට ලුණු ආනයනය අවශ්‍ය නොවන තත්ත්වයක්?
යල කන්නයට අදාළ ලුණු අස්වනු නෙලීම අද (28) පෙරවරුවේ හම්බන්තොට මහලේවාය ප්‍රදේශයෙන් නිල වශයෙන් ආරම්භ කර ඇත.
මෙම අවස්ථාවට එක්වූ හම්බන්තොට ලුණු සමාගමේ සභාපති ටී. නන්දන තිලක මහතා සඳහන් කළේ, ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලුණු ආනයනය කිරීමේ අවශ්‍යතාවය නොමැති විය හැකි බවයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, මැදපෙරදිග ප්‍රදේශයේ පවතින යුද තත්ත්වය හේතුවෙන් ඉන්ධන හා අනෙකුත් ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් තිබුණද, ලුණු මිල මෙතෙක් ඉහළ ගොස් නොමැති බවයි.
එසේම, පලටුපාන, බූන්දල සහ මහලේවාය යන ලුණු ලේවායන් තුනෙන් මෙට්‍රික් ටොන් 90,000කට ආසන්න ලුණු ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි බව දැනට ඇස්තමේන්තු කර තිබේ.
වර්තමානයේ පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ලුණු නිෂ්පාදනය තවදුරටත් ඉහළ යා හැකි බව ද ටී. නන්දන තිලක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



