
ප්‍රධාන පුවත්
ලෝක වෙළෙඳපොළේ යූරියා මිල $600 ඉක්මවයි – මැදපෙරදිග බලපෑම තවදුරටත් ඉහළට
මැදපෙරදිග කලාපයේ වර්තමාන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ යූරියා පොහොර මිල ඉහළ යාමක් දක්නට ලැබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, එක්සත් ජනපදයේ යූරියා පොහොර මිල ටොන් එකක් සඳහා ඩොලර් 600 සීමාවද ඉක්මවා ගොස් තිබේ. එමෙන්ම, නිව් ඕර්ලියන්ස් වෙළෙඳපොළේ කැටිති (granular) යූරියා මිල වසර තුනකට වැඩි කාලයකට පසු වාර්තාගත ඉහළම මට්ටමට ළඟා වී ඇති බවද සඳහන් වේ.
මීට පෙර 2022 වසරේ යුක්රේන-රුසියානු යුද්ධය ආරම්භ වූ සමයේද පොහොර මිල දැඩි ලෙස ඉහළ ගිය අතර, 2023 සහ 2024 වසරවලදී එම මිල යම් ප්‍රමාණයකින් පහළ යමින් ස්ථාවර තත්ත්වයක පවතිණි.
නමුත් වර්තමානයේ නැවතත් මිල ඉහළ යාමේ ප්‍රවණතාවයක් පැහැදිලිව පෙනී යන අතර, ගෝලීය වෙළෙඳපොළට මැදපෙරදිග තත්ත්වය තවදුරටත් බලපානු ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.




