
මානව හිමිකම් කොමිෂන් සභා පුරප්පාඩු සඳහා අයදුම්පත් භාරගැනීම ඇරඹේ
මානව හිමිකම් කොමිෂන් සභා පුරප්පාඩු සඳහා සුදුසු අපේක්ෂකයින්ගෙන් අයදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පුරප්පාඩුවී ඇති සාමාජික ධුරය සඳහා අයදුම් කිරීමට කැමති පුද්ගලයන් සිය අයදුම්පත් 2026 ජූලි 31 දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු බව දැනුම්දී ඇත.
අයදුම්පත් සකස් කිරීම සඳහා අවශ්‍ය ආකෘතිය පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ ‘ක්ෂණික පිවිසුම්’ (Quick Links) යටතේ ‘ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ යන ශීර්ෂය යටතේ ලබාදී ඇති අයදුම්පත්‍රයට අනුකූලව සකස් කළ යුතුය.
නිසි පරිදි සම්පූර්ණ කළ අයදුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව – කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කළ යුතු බව දැනුම්දී තිබේ.
එමෙන්ම 2026 අප්‍රේල් 24 දින පුවත්පත් සහ ගැසට් නිවේදන මගින් මීට පෙර කැඳවූ අයදුම්පත් සඳහා ඉදිරිපත් වූ අයද මෙවර සලකා බැලීමට කැමති නම්, නව අයදුම්පත්‍රයක් නැවත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 3(1) වගන්තියට අනුව, මානව හිමිකම් සම්බන්ධ දැනුමක් හෝ ප්‍රායෝගික පළපුරුද්දක් ඇති පුද්ගලයන් අතරින් තෝරාගන්නා සාමාජිකයන් පස්දෙනෙකුගෙන් මෙම කොමිෂන් සභාව සමන්විත විය යුතුය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ ව්‍යවස්ථාවට අනුව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකයන් පත් කිරීම සඳහා නිර්දේශ කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සතු වේ.



