
ප්‍රධාන පුවත්
සෑම පළාතකම අල්ලස් කොමිසම් පිහිටුවීමට රජයෙන් තීරණයක්
සෑම පළාතකම අල්ලස් කොමිසම් පිහිටුවීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
දැනට කොළඹට පමණක් සීමා වී ඇති අල්ලස් හෝ දූෂණ විමර්ශන කටයුතු දිවයිනේ සියලුම පළාත්වලට ව්‍යාප්ත කිරීම සඳහා ඉදිරි අයවැයෙන් මුදල් වෙන් කිරීමට නියමිත බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
අද (11) නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එමෙන්ම අදාළ කටයුතු ශක්තිමත් කිරීම සඳහා නිලධාරීන් 900කට වැඩි පිරිසක් බඳවා ගැනීමට ද අවසර ලබා දී ඇති බව ජනාධිපතිවරයා පැවසීය.
මේ අතර, වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ වංචාව සහ දූෂණය සම්පූර්ණයෙන්ම තුරන් කර ඇති බවත්, රාජ්‍ය සේවය තුළ සිදුවන එවැනි නීතිවිරෝධී ක්‍රියාවලට එරෙහිව දැඩි දඬුවම් ලබා දෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.



