
ට්‍රම්ප්ගේ සටන් විරාම කොන්දේසි පාකිස්තානය හරහා ඉරානයට
අමෙරිකාව විසින් ඉදිරිපත් කර ඇති සටන් විරාම ඉල්ලීම් සහ ඒවාට අදාල කොන්දේසි ඇතුළත් නිල ලේඛනයක් පාකිස්තානය හරහා ඉරානය වෙත ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අල් ජසීරා පුවත් සේවය සඳහන් කරන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් පාකිස්තානයට භාරදුන් මෙම ලේඛනය ඉරාන බලධාරීන් වෙත ප්රදානය කර ඇති බවයි.
මෙම ඉල්ලීම් පිළිබඳව ඉරානයේ නිල ප්‍රතිචාරය මේ වනවිටත් බලාපොරොත්තුවෙන් පවතින අතර, ඒ සම්බන්ධයෙන් තීරණයක් ඉදිරියේ දී ප්‍රකාශයට පත් වීමට ඉඩ ඇති බවද පාකිස්තාන ආරංචි මාර්ග පෙන්වා දෙයි.
අමෙරිකාව සහ ඉරානය අතර දැනට පවතින උණුසුම් තත්ත්වය සන්සුන් කිරීමේ උත්සාහයකි ලෙස පාකිස්තානය මෙහිදී මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියා කරමින් සිටී.
එමෙන්ම, ඉදිරි දින කිහිපය තුළ අමෙරිකානු සහ ඉරාන නියෝජිතයන් අතර සෘජු සාකච්ඡාවක් පාකිස්තානයේ ඉස්ලාමාබාද් නගරයේ පැවැත්වීමට ද අවස්ථාව ඇති බවට වාර්තා වේ.



