කාලගුණය

ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං අවදානමක්

ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං අවදානමක්

කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අද දිනයේදී සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට සුළු වැසි ඇතිවිය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික ස්වභාවයක් පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට, උතුරු මැද සහ වයඹ පළාත්වලට මෙන්ම මොණරාගල, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවලට විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං ඇතිවිය හැකි බවටද අනතුරු අඟවා තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button