
හෙට උණුසුම අවධානය යොමු කළයුතු මට්ටමක
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනුව, හෙට (26) දින බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, අනුරාධපුර, මන්නාරම, වවුනියාව සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය (Heat Index) “අවධානය යොමු කළයුතු” මට්ටමකට ළඟාවිය හැකි බව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
මෙම උණුසුම් දර්ශකය යනු වායු උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව එකට සලකා බැලීමෙන් මිනිස් සිරුරට සැබවින්ම දැනෙන උණුසුමයි. ඒ අනුව, ඉහළ උණුසුම් දර්ශකයක් ඇති අවස්ථාවල දිගු කාලයක් සෘජු හිරු එළියට නිරාවරණය වීම සෞඛ්‍යයට අහිතකර විය හැකි බවද සඳහන් කරයි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (25) පස්වරුවේ මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, එය හෙට දිනයට අදාලව වලංගු වේ.
මෙම තත්ත්වය හේතුවෙන් ජනතාවට ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, දවල් කාලයේ අධික උණුසුමට නිරාවරණය වීම අවම කිරීම සහ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම වැදගත් බවද අවධාරණය කර ඇත.



