
විශේෂ මෙහෙයුමකදී ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 15ක් අත්අඩංගුවට
විදේශගත සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සැක කරන පුද්ගලයන් 15 දෙනෙකු තියුණු ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් සන්තකයෙන් කඩු පහක් සහ රුපියල් ලක්ෂ 8කට ආසන්න වටිනාකමක් ඇති “අයිස්” මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40ක්ද පොලීසිය භාරයට ගෙන ඇති බව සඳහන් වේ.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අද (21) පෙරවරුවේ රත්මලාන විශේෂ ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි නිවාස සංකීර්ණයක සිදු කළ විශේෂ මෙහෙයුමක් අතරතුර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අත්අඩංගුවට ගත් පිරිස විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන එල්ලාවල ධර්මසිරි පෙරේරා (ඇල්ටෝ ධර්මය) සහ කුරුවිට ආරච්චිලාගේ කවිදු ධනංජය යන අය සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක්ද ඇතුළත් වන අතර, ඔවුන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



