ප්‍රධාන පුවත්

2027 විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

2027 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

2027 මුදල් වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීමට අවශ්‍ය අනුමැතිය පසුගිය ජුනි 30 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබාදී තිබුණි.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කළ අදාළ පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද මේ වනවිට ලැබී ඇති බව සඳහන් වේ.

එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අනුමැතිය ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව අමාත්‍ය මණ්ඩලය විසින් මෙම අනුමැතිය ලබාදී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button