උණුසුම් පුවත්

උත්සව සමයේ භාණ්ඩ 100ට සතොසින් වට්ටම්

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් භාණ්ඩ වර්ග 100ක් සඳහා විශේෂ වට්ටම් ලබාදීමට කටයුතු කර ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි. අද (20) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, මෙම වැඩසටහන යටතේ වෙළෙඳපොළේ පවතින පාලන මිලටත් වඩා අඩු මිලට ලංකා සතොස හරහා සහල් මිලදීගැනීමට හැකි බවයි.

සතොසින් වට්ටම් ලැබෙන ආහාර ද්‍රව්‍ය කිහිපයක කිලෝවක මිල ගණන්
සුදු නාඩු – රු. 217සුදු කැකුළු – රු. 203පාන් පිටි – රු. 254හාල්මැස්සෝ – රු. 1,050පරිප්පු – රු. 264බී ලූනු – රු. 150 – 160 අතර

මෙම වට්ටම් වැඩසටහන යටතේ සෑම භාණ්ඩයකටම මිලදීගැනීමේ සීමාවක් පවතින බවත්, එම සහනය පාරිභෝගිකයන්ට පමණක් අදාල වන අතර ව්‍යාපාරිකයින්ට එය නොලැබෙන බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

එමෙන්ම, රු. 2500කට වැඩියෙන් භාණ්ඩ මිලදීගන්නා පාරිභෝගිකයින් සඳහා ත්‍යාග ලබාදීමේ විශේෂ වැඩසටහනක්ද හඳුන්වා දී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“රු. 2500කට වැඩියෙන් භාණ්ඩ මිලදීගන්න සෑම කෙනෙක්ටම කූපන් පතක් ලැබෙනවා ලොතරැයි දිනුම් ඇඳීමකට.
එනිසා සතොසට ආවොත් කාර් එකෙන් නැත්නම් බයිසිකලෙන් යන්න පුළුවන්. රු. 2500කට වැඩියෙන් භාණ්ඩ ගන්න, වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්න” යැයි පැවසීය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button