
මෙරට කෘෂි අපද්‍රව්‍ය යොදාගෙන ගෑස් නිපදවීමට යන නෝර්වේ රාජ්‍ය
දේශීයව මේ දක්වා නිසි ප්‍රයෝජනයට නොගන්නා මෙරට කෘෂිකාර්මික අපද්‍රව්‍ය යොදාගනිමින් ගෑස් නිෂ්පාදන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමට නෝර්වේ රාජ්‍ය අවධානය යොමුව තිබේ.
මෙරට බහුලව කෘෂි අපද්‍රව්‍ය ඇති ප්‍රදේශ හඳුනාගෙන අදාල ප්‍රදේශවල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට එම රාජ්‍යයේ අවධානය යොමුවී තිබේ.
ඊයේ (18) මේම ක්‍රියාවලිය පිළිබඳ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ නෝර්වේ කොන්සලර් ස්ටර්ල් හැරල්ඩ් පීඩර්සන් (Sturle Harald Pedersen) අතර පැවති සාකච්ඡාවකදී අනාවරණවී ඇත.
මෙම සාකච්ඡාවේදී කෘෂිකර්මාන්තය සඳහා පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමේ වැදගත්කම පිළිබඳව වැදගත් කරුණු රැසක් සාකච්ඡා කළ බව සඳහන වේ.
එමෙන්ම බලශක්තිය නිෂ්පාදනය කරගැනීමේ ආකාර කිහිපයක් සම්බන්ධයෙන් නෝර්වේ කොන්සලර්වරයා විසින් එහිදී කරුණු ඉදිරිපත් කරන ලදී.
මේ අතර සූර්ය ශක්තිය, සුළං ශක්තිය සහ සාගරයේ උදම් රළ මඟින් නිපදවන ශක්තිය භාවිත කරමින් බලශක්තිය නිපදවීමට ශ්‍රී ලංකාවට සහය විය හැකි බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
එම අවස්ථාවේදී ඔවුන් විසින් සකස් කළ ව්‍යාපෘති වාර්තාවක් ද අමාත්‍යවරයා වෙත භාර දුන් බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
එම කොන්සල්වරයා නිරීක්ෂණය කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ දිවා කාලයේදී සූර්ය බලශක්තිය වැඩිපුර නිෂ්පාදනය කරන අතර, එම අමතර සූර්ය බලශක්තිය භාවිත කරමින් ජලය විද්‍යුත් විච්ඡේදනයෙන් හයිඩ්රජන් නිෂ්පාදනය කර එය ඉන්ධනයක් වශයෙන් පාවිච්චි කළ හැකි බව ද පෙන්වාදෙන ලදී.
මෙලෙස නිෂ්පාදනය කරන ලද හයිඩ්රජන් කෘෂිකාර්මික ක්ෂේත්රය ඇතුළු සෑම ක්ෂේත්රයක් සඳහාම ඉන්ධනයක් වශයෙන් භාවිත කළ හැකි බව නෝර්වේ කොන්සලර් ස්ටර්ල් හැරල්ඩ් පීඩර්සන් (Sturle Harald Pedersen) වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.



