
උණුසුම් පුවත්
ඉන්ධන අර්බුදය හේතුවෙන් රජයේ සේවකයින්ට සෑම බදාදා දිනයක්ම නිවාඩු
පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගනිමින් එයට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (18) සිට සෑම සතියකම බදාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට රජය තීරණය කර තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදී අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළේය.



