
මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට ජනපතිගේ උපදෙස්
මැදපෙරදිග ප්‍රදේශයේ උද්ගත වී ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මතුවන අවස්ථා පූර්වයෙන් නිශ්චිතව අනාවැකි කිරීම අපහසු බවත්, නව වර්ධනයන් පිළිබඳ නිරන්තර අධීක්ෂණය පවත්වාගෙන යමින් රටක් ලෙස මෙම අභියෝගයට එකමුතුව මුහුණදිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ.
පවතින තත්ත්වය යටතේ රට තුළ අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු පිළිබඳ අද (15) ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. මෙම සාකච්ඡාව සඳහා අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ද එක්ව සිටියහ.
මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබුණේ සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වන අතර, ඒ සඳහා අවශ්‍ය ඉන්ධන සංචිත ප්‍රාදේශීය මට්ටමින් පවත්වාගෙන යා හැකි ක්‍රමවේද පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.
එසේම කෘෂිකර්ම, ධීවර සහ කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම සදහා ඩිජිටල් QR කේත ක්‍රමය කඩිනමින් විධිමත් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කර ඇත.
අධ්‍යාපන ඇතුළු අනෙකුත් සේවා ක්ෂේත්‍ර පවතින තත්ත්වය යටතේ කෙසේ පවත්වාගෙන යා යුතුද යන්න පිළිබඳවද සාකච්ඡා කර ඇති අතර, ඉන්ධන පිරිමැසුම් ක්‍රමවේදයක් ලෙස නිවසේ සිට රාජකාරි (Work From Home) සිදු කිරීමේ හැකියාව පිළිබඳවද සොයා බලා යෝජනා ඉදිරිපත් කරන ලෙසටද අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.



