ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාව තුල ඉන්ධන සැපයුම අඛණ්ඩව – IOC

මැදපෙරදිග උද්ගතව ඇති යුදමය වාතාවරනය හමුවේ ලොවපුරා ඉන්දන හිගයක් පැවතියද 

මෙරට බලශක්ති සුරක්ෂිතතාව සහතික කරන බව සහ ඒ වෙනුවෙන් ඉන්ධන සැපයුම විධිමත්ව පවත්වාගෙන යන බව  ලංකා  IOC සමාගම පවසයි.

 

පැවති මාධ්‍ය හමුවකදී  එම සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ කේ. රගු මහතා මේ අදහස් පළකරන ලදී.

 

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ කේ. රගු මහතා,

 

“ලංකා IOC සමාගමයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස මට ජනතාවට කියන්න තියෙන්නේ අපි ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බව. රටට ඉතා වැදගත් වන බලශක්ති සුරක්ෂිතතාව අපි සහතික කරනවා.

පවතින තත්ත්වය ඉතා යහපත් කියලා මම කියන්නේ නෑ. නමුත් රට තුළ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ලංකා IOC ආයතනය සහ රජය තම උපරිමය ඉටු කරමින් සිටිනවා.

අපි රටේ ප්‍රගතිය වෙනුවෙන් අඛණ්ඩව ඉන්ධන සපයනවා” යැයි පැවසීය.

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button