උණුසුම් පුවත්

විදුලි වෘත්තීය සමිති – ජනපති අතර සාකච්ඡා සාර්ථකයි

විදුලිබල වෘත්තීය සමිති නියෝජිතයින් අද (13) දහවල් Anura Kumara Dissanayake මහතා හමුවී තම ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. එම සාකච්ඡා සාර්ථකව පැවැති බව වෘත්තීය සමිති පවසයි.

ජනාධිපතිවරයා තම ගැටලුවලට සාධාරණ විසඳුම් ලබාදීමට කටයුතු කරනු ඇති බවට විශ්වාසයක් පවතින බවද වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කළහ.

එමෙන්ම රජය පරාජය කිරීම හෝ ආණ්ඩුවට විරුද්ධව ක්‍රියා කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් තමන්ට නොමැති බවද ඔවුන් මෙහිදී අවධාරණය කර තිබේ.

නව සමාගම්වල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ ජනාධිපතිවරයා අද සවස තවත් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර, එහිදී විදුලිබල වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කළ ගැටලුවලට විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා එකඟත්වය පළ කර ඇති බවද සඳහන් වේ.

එමෙන්ම නව සමාගම් සඳහා බාහිරින් සිදු කිරීමට සැලසුම් කර තිබූ විදුලි අධිකාරීන් සහ විදුලි ඉංජිනේරුවන්ගේ පත්වීම් තාවකාලිකව නවතා දැමීමට ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව වෘත්තීය සමිති වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button