
මහපොළ ශිෂ්‍යත්වය රු.10,000ක් වෙයි – වැඩි කළ දීමනාව හෙට සිට බැංකු ගිණුම්වලට
2026 අයවැය යෝජනා අනුව වැඩි කරනු ලැබූ මහපොළ ශිෂ්‍යත්ව දීමනාව හෙට (10) සිට ශිෂ්‍යයන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව, ජනවාරි මාසයට අදාළ රුපියල් 10,000ක දීමනාව මෙලෙස බැංකු ගිණුම් වෙත යොමු කෙරෙන බව ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ සභාපති, විශ්‍රාමික විනිසුරු විජිත් මළල්ගොඩ මහතා සඳහන් කර ඇත.
පෙර රුපියල් 7,500ක් ලෙස පැවති මහපොළ ශිෂ්‍යත්ව දීමනාව 2026 අයවැය යෝජනාවලට අනුව රුපියල් 10,000 දක්වා ඉහළ දමා ඇත.
මහපොළ ශිෂ්‍යත්ව ගෙවීම් ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ එක්ව මහා භාණ්ඩාගාරය විසින් සිදු කරයි.
වත්මන් ක්‍රමවේදය අනුව ශිෂ්‍යත්ව දීමනාවේ පිරිවැයෙන් සියයට 48ක් මහපොළ භාර අරමුදල විසින් ද, ඉතිරි සියයට 52ක් රජය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා ද වගකීම භාර ගනී.
එමෙන්ම 2025 අප්‍රේල් මාසයේ සිට 2026 ජනවාරි දක්වා කාලය තුළ මහපොළ ශිෂ්‍යත්ව දීමනාව දෙවරක් සංශෝධනය කර තිබේ. ඒ අනුව රුපියල් 5,000ක් ලෙස පැවති දීමනාව රුපියල් 2,500 බැගින් වැඩි කිරීම් දෙකක් හරහා රුපියල් 10,000 දක්වා ඉහළ ගොස් ඇති අතර වත්මන් රජය යටතේ එය දෙගුණ වී තිබේ.



