උණුසුම් පුවත්

ශ්‍රීලන්කන් ගුවන් සේවය රියාද් සහ ඩුබායි වෙත දෛනික ගුවන් ගමන් යළි ආරම්භ කරයි

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රීලන්කන් ගුවන් සේවය අද (09) රාත්‍රියේ සිදුකරන ගුවන් ගමන් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව, රියාද් සහ ඩුබායි නගර වෙත දෛනික ගුවන් සේවා නැවත ආරම්භ කිරීමට ශ්‍රීලන්කන් ගුවන් සේවය තීරණය කර ඇත. ඒ අනුව අද (09) සිට රියාද් වෙත ගුවන් ගමන් ආරම්භ වන අතර හෙට (10) සිට ඩුබායි වෙත දෛනික ගුවන් සේවා යළි ක්‍රියාත්මක කරනු ඇත.

මෙම තීරණය පිළිබඳව ගුවන් මගීන්ටද දැනුම් දී ඇති බව සඳහන් වේ.

යළි ක්‍රියාත්මක කරන ගුවන් ගමන් කාලසටහන පහතින් දැක්වේ.

UL265 – කොළඹ සිට රියාද් : ප.ව. 6.15

UL266 – රියාද් සිට කොළඹ : රාත්‍රී 10.35

UL231 – කොළඹ සිට ඩුබායි : ප.ව. 12.40

UL232 – ඩුබායි සිට කොළඹ : ප.ව. 5.00

ශ්‍රීලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කළේ ගුවන් ගමන් පිළිබඳ යාවත්කාලීන තොරතුරු අවශ්‍ය නම් නිල මාර්ග හරහා ලබාගත හැකි බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button