
උණුසුම් පුවත්
රු. මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් චෝදනා: සජින් වාස් මාර්තු 24 දක්වා රිමාන්ඩ්
නීතිවිරෝධි වත්කම් රුපියල් මිලියන 243.8ක් ඉපැයූ බවට ඇති චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතා මාර්තු 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් සිදුකරන විමර්ශනයකට අදාළව අද (09) පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.
එම කොමිසම වෙත ප්රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත් අතර, පසුව ඔහු කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
එහිදී කරුණු සලකා බැලූ කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් සජින් වාස් ගුණවර්ධන මහතා මාර්තු 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ බව වාර්තා වේ.



