ප්‍රධාන පුවත්

කුෂ් කිලෝ 6ක් හා හෂීස් කිලෝ 4ක් සමඟ සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී සිදු කළ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයෙකු විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගැනීමට කටයුතු කර ඇත.

එහිදී සැකකරු සතුව තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 590ක් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 910ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකය විසින් සිදුකරනු ලබයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button