
විදෙස්
ඉරාන හමුදාවට ට්රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක් – “අවි බිම තබා යටත් වෙන්න
ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බළකාය, එරට හමුදා සහ පොලිස් නිලධාරීන් අවි බිම තබා වහාම යටත්වන ලෙස අමෙරිකානු ජනාධිපති දැඩි ලෙස දැනුම් දී තිබේ. ඔවුන් එසේ කළහොත් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන බවත්, එසේ නොකළහොත් නියත මරණයකට මුහුණදීමට සිදුවිය හැකි බවත් ඔහු අනතුරු අඟවා ඇත.
ධවල මන්දිරයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ට්රම්ප් ප්රකාශ කළේ, ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායේ සියලු සාමාජිකයන්ට මෙන්ම එරට හමුදා සහ පොලීසියට තම අවි බිම තබා යටත්වන ලෙස නැවත වරක් ඉල්ලීමක් කරන බවයි.
එසේ යටත්වන්නේ නම් ඔවුන් සම්පූර්ණයෙන්ම ආරක්ෂිතව සිටින බවත්, එම ඉල්ලීම නොසලකා හැරියහොත් ඔවුන්ට අනිවාර්යයෙන්ම මරණයට මුහුණදීමට සිදුවිය හැකි බවත් ඔහු අවධාරණය කළේය.
එම තත්ත්වය දැකීමට තමන් කැමති නොවන බවද ට්රම්ප් එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.



