
විදෙස්
සෞදි අරාබියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාර උත්සාහයක්
තුළ පිහිටි තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ඉලක්ක කරමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කර ඇති බව එරට ආරක්ෂක අංශ සඳහන් කරයි.
එම ප්‍රහාරයට භාවිත කිරීමට උත්සාහ කළ ඩ්‍රෝන යානා දෙකක් ආරක්ෂක බලකා විසින් අල්ලා විනාශ කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත්, ඩ්‍රෝන යානා විනාශ කිරීමේදී සිදු වූ පිපිරීම් සහ සුන්බුන් විසිරීම හේතුවෙන් පිරිපහදු මධ්‍යස්ථානයේ කොටසක ගින්නක් හටගෙන තිබේ.
මෙම සිද්ධිය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස එම මධ්‍යස්ථානයේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් තීරණය කර ඇති අතර, තත්ත්වය පාලනයට ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බවද වැඩිදුරටත් සඳහන් වෙයි.



