ප්‍රධාන පුවත්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක් – හදිසි සේවා හා ආරක්ෂක උපදෙස් නිකුත් කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) වාසය කරන ශ්‍රී ලාංකිකයින් වෙත විශේෂ දැනුම්දීම් කිහිපයක් නිකුත් කර ඇති බව එම රටේ ශ්‍රී ලංකා තානාපතිනි මහත්මිය ප්‍රකාශ කළාය.

ඇය සඳහන් කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ශ්‍රී ලාංකිකයන් සுமார் තුන් ලක්ෂ පනස්දහසක් පමණ වාසය කරන බවයි. ඔවුන්ගේ ආරක්ෂාව හා සුබසාධනය සම්බන්ධයෙන් විසින් එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු, ආරක්ෂක සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ සමඟ සෘජු සම්බන්ධතා පවත්වාගෙන යන බවද ඇය පැවසීය.

එමෙන්ම හදිසි අවශ්‍යතා සඳහා සහාය ලබාදීමට විශේෂ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බවද තානාපතිනිය අවධාරණය කළාය.

ගමනාගමන, ආරක්ෂිත ස්ථාන සහ ගුවන්තොටුපොළ ප්‍රවේශය සම්බන්ධ නවතම උපදෙස් සහ තානාපති කාර්යාලයේ නිල Facebook පිටු හරහා නිතර ප්‍රකාශයට පත් කෙරෙන බැවින්, ඒවා නිරන්තරයෙන් පරීක්ෂා කරන ලෙසද ඇය ඉල්ලා සිටියාය.

මෙරටට සංචාරය කරමින් සිටින හෝ සංචාරය කිරීමට සැලසුම් කරන පිරිස, තම ගුවන් සේවය හා සංචාරක නියෝජිතයා සමඟ සම්බන්ධතාව පවත්වා ගැනීම වැදගත් බවද ඇය සඳහන් කළාය.

තවද, නිල ප්‍රකාශ සහ විශ්වාසනීය ආරංචි පමණක් පිළිගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටි තානාපතිනිය, එමීර් රාජ්‍යය තුළ සිටින ශ්‍රී ලාංකිකයින් සහ සංචාරකයින් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවද වැඩිදුරටත් කියා සිටියාය.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button