ප්‍රධාන පුවත්

2027 සිට 6 ශ්‍රේණියට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට සැලසුම් – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

2027 වසරේ සිට හය ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

ඇය මේ බව සඳහන් කළේ ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, යුධගනාව රාජමහා විහාරය විහාරාධිපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ගල්ටැම්වත්තේ නන්දරතන නායක හිමියන් බැහැදුටු අවස්ථාවේදීය.

නව අධ්‍යාපන සංශෝධනවලට අදාළ පෙළපොත් මුද්‍රණ කටයුතු අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කරමින් සිටින බව ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

එමෙන්ම පළාත් පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සියලු පළාත් වෙත ලබා දී ඇති බවත්, ඒවා නිසි පරිදි පාසල් සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට කටයුතු කරන ලෙසත් ඇය අවධාරණය කළාය.

පාසල්වල පවතින අඩුපාඩු හඳුනාගෙන ඒවා සකස් කර ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button