ප්‍රධාන පුවත්

ප්‍රියංකර ජයරත්නට එරෙහි දූෂණ නඩුවේ සාක්ෂි විභාගය මාර්තු 24ට කල් යයි

හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති දූෂණ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 24 වනදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩුව අද (27) රවීන්ද්‍ර ප්‍රේමරත්න විනිසුරුවරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, පළමු සාක්ෂිකරුට අධිකරණය හමුවේ මාර්තු 24 දින පෙනී සිටිමින් සාක්ෂි ලබාදෙන ලෙස සිතාසි නිකුත් කිරීමට ද නියෝග කෙරුණි.

2014 වසරේ මැයි දින පෙළපාළියට සහභාගී වූ ආධාරකරුවන්ට දිවා ආහාරය ලබාදීම සඳහා කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකන් කේටරින් සමාගම වෙතින් රුපියල් 3,20,000ක මුදලක් මුදාහැරීම මඟින් රජයට අලාභයක් සිදු කර දූෂණ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර ඇත.

ඒ අනුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 24 වනදා නැවත කැඳවීමට අධිකරණය තීරණය කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button