ප්‍රධාන පුවත්

නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ලංවිම හෙට සංකේත වැඩ වර්ජනයක

සිය ඉල්ලීම් වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් හෙට (26) දහවල් 12 සිට සවස 6 දක්වා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති තීරණය කර තිබේ.

 

ලංවිම වෘත්තීය සමිති 21ක් විසින් සියලුම සේවකයන්ගේ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම යනුවෙන් සඳහන් කර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත අද (25) ලිපියක් යොමුකරමින් මේ බව දැනුම්දී ඇත.

 

තවද සිය ඉල්ලීම් 8කට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් මේ දක්වාම ලැබී නොමැති බව එම ලිපිය මගින් වෘත්තීය සමිති දැනුම්දී තිබේ.

 

ඒ අනූව අදාළ ඉල්ලීම් දිනාගැනීම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම හැර වෙනත් කිසිඳු විකල්පයක් සේවකයන්ට සහ එම සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති වෙත ඉතිරිව නොමැති බව ඔවුන් පවසයි.

 

ඉතා සාධාරණ සහ යුක්ති සහගත එම ඉල්ලීම් ඉටුකිරීම පසෙක ලා දිගින් දිගටම කල්මැරීම මෙම පැය 6ක සංකේත වැඩ වර්ජනය දියත් කිරීමට හේතු වූ බව එහි දැක්වේ.

 

තවද මෙම වැඩ වර්ජනය නිසා ඇතිවන සියලුම ආකාරයේ අහිතකර ප්‍රතිඵල සඳහා ලං.වි.ම සේවකයින් හෝ එම සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති වග නොකියන බවත්, එහි සම්පූර්ණ වගකීම විෂය භාර අමාත්‍යවරයා සහ වත්මන් ආණ්ඩුව භාර ගත යුතුය බව අදාළ වෘත්තීය සමිති එම ලිපියෙන් දැනුම්දී සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button