ප්‍රධාන පුවත්

ඉඩම් ආරවුලක් මොරවකදී ජීවිතයක් අහිමි කරයි – සැකකරු පොලිස් භාරයට

දුරදිග ගිය ඉඩම් ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර කාන්තාවකට තුවාල සිදුකිරීමක් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පණිවිඩයක් ලැබීමත් සමඟ නෙළුව පොලිස් ස්ථානය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 67ක් වූ මොරවක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඉඩම් ආරවුලක් දුරදිග යාමත් සමඟ පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි. තුවාල ලැබූ කාන්තාව මියගිය පුද්ගලයාගේ බිරිඳ බවද වාර්තා වේ.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මොරවක රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන වයස අවුරුදු 49ක් වන පුද්ගලයා පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button