ප්‍රධාන පුවත්

මත්පෙති 21,000ක් සමග 54 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා ආදේශකයක් ලෙස භාවිත වන බව කියන මත්පෙති 21,000ක විශාල තොගයක් සමග පුද්ගලයෙකු බස්නාහිර දකුණ දිසාව අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (19) සවස තොටළඟ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අදාළ මත්පෙති තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 30කට ආසන්න වන බවයි. සැකකරු සන්තකයේ තිබූ මෙම මත්පෙති සියල්ල පොලිස් භාරයට ගෙන ඇත.

බස්නාහිර දකුණ දිසාව අපරාධ කොට්ඨාසයේ ඒකක 2 බාර ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අතුල බාලසූරිය මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ගෑන්ඩ්පාස් ප්‍රදේශයේ වැටලීමකට යමින් සිටියදී ලද විශ්වාසදායක තොරතුරක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

ලැබුණු තොරතුර අනුව, මත්පෙති තොගයක් රැගෙන පුද්ගලයෙකු තොටළඟ ප්‍රදේශයේ නිවසකට පැමිණීමට නියමිත බවට අනාවරණය වී ඇත. ඒ අනුව සූදානමින් රැඳී සිටි පොලිස් නිලධාරීන් විසින් සැකකරු මත්පෙති සමග අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ, මෙම මත්පෙති තොග වශයෙන් විවිධ පුද්ගලයන් වෙත බෙදා හැරීම සිදුකරන බවයි.

අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 54ක් වන පුද්ගලයෙකු වන අතර, ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button