ප්‍රධාන පුවත්

රාමසාන් උපවාසය හෙට (19) සිට ආරම්භයි

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ රාමසාන් උපවාස මාසය හෙට (19) සිට ආරම්භ වන බව කොළඹ මහ පල්ලිය අද (18) සවස නිවේදනය කළා.

රට පුරා හිලාල් කමිටු ලබාදුන් වාර්තා අනුව නව අඩ සඳ අද දිස් වූ නිසා, රාමසාන් මාසය හෙටින් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සමස්ත ලංකා ජමිය්යතුල් උලමා සභාව, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ කොළඹ මහ පල්ලිය එක්ව හෙට දිනය රාමසාන් මාසයේ පළමු දිනය ලෙස ප්‍රකාශ කර තිබෙනවා.

ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ නවවන මාසය වන රාමසාන්, ඉස්ලාමයේ ප්‍රධාන ආගමික කර්තව්‍යයක් වන අතර, මෙම මාසය තුළ මුස්ලිම් ජනතාව උදෑසන සිට සන්ධ්‍යාව දක්වා උපවාසයේ නිරත වෙමින් ආගමික කටයුතු වලට වැඩි අවධානය යොමු කරනවා.

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button