ප්‍රධාන පුවත්

රු. 1,000ක අල්ලස් ඉල්ලූ වැඩබලන උප්පැන්න රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට

දියණියගේ උප්පැන්න සහතිකය ලියාපදිංචි කර ගැනීම සඳහා පැමිණි පුද්ගලයෙකුගෙන් රුපියල් 1,000ක අල්ලස් මුදලක් ඉල්ලා, එයින් රුපියල් 500ක් ලබා ගත් බවට චෝදනා එල්ල වූ ආලයවඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩබලන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරියක අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසිනි.

මරදමුණේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ. පැමිණිලිකරුගේ දියණියගේ උප්පැන්න සහතිකය ලියාපදිංචි කිරීම සඳහා මුදල් ඉල්ලා ඇති අතර, මුලින් රුපියල් 500ක් ලබාගෙන ඉතිරි රුපියල් 500 ඊළඟ දිනයේ රැගෙන එන ලෙස දැනුම් දී තිබූ බව වාර්තා වේ.

ඊයේ (16) දිනයේ ලියාපදිංචි කළ උප්පැන්න සහතිකය ලබා දෙන අවස්ථාවේදී ඉතිරි රුපියල් 500 අල්ලස් ලෙස ලබා ගැනීමේදී සැකකාරිය අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය අක්කරෛපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button