ප්‍රධාන පුවත්

ලංකාවේ ජනතා අනුමැතිය 65% දක්වා ඉහළට – Verité Research සමීක්ෂණයෙන් හෙළිවේ

2026 පෙබරවාරි මාසයේ මුල් භාගය වන විට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය 65%ක් ලෙස සටහන් වී තිබෙන බව Verité Research ආයතනය විසින් හෙළි කරයි.

ආසියාවේ රජ්‍ය හා පෞද්ගලික අංශ සම්බන්ධයෙන් උපායමාර්ගික විශ්ලේෂණ සහ උපදේශන සේවා සපයන ස්වාධීන ආයතනයක් වන එම ආයතනය, “රට හිතන හැටි” නමින් පැවැත්වෙන ගැලප් (Gallup) මාදිලියේ නවතම මත විමසුම් පර්යේෂණයේ ප්‍රතිඵල අනුව මෙම තොරතුරු නිකුත් කර ඇත.

එම පර්යේෂණයට අනුව, වසර හතරක මත විමසුම් ඉතිහාසය තුළ රට පිළිබඳ ජනතාවගේ තෘප්තිය 50% සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බව ද සඳහන් වේ.

තවද, මීට වසරකට පෙර සටහන් වූ 62%ක ජනතා අනුමැතියට සාපේක්ෂව, මෙවර වාර්තා වූ 65%ක අගය ස්ථායී සහ ඉහළ මට්ටමක පවතින බව එම ආයතනය පෙන්වා දෙයි.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

 

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button