ප්‍රධාන පුවත්

ලබන සඳුදා ( I M F ) ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ශ්‍රී ලංකා සංචාරයකට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ලබන සඳුදා (16) දින තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

මෙම සංචාරය අතරතුර ඇය ලබන බදාදා දක්වා මෙරට රැඳී සිටින අතර, රජයේ උසස් නිලධාරීන් සහ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ වැදගත් සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත.

එමෙන්ම ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ බලපෑම් පිළිබඳව සෘජු නිරීක්ෂණයක් සිදුකරමින්, යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාමාර්ග සඳහා IMF ආයතනයට ලබාදිය හැකි සහාය පිළිබඳවද අවධානය යොමු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණය සහ දිගුකාලීන වශයෙන් ශක්තිමත් අනාගතයක් ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉටු කළ හැකි භූමිකාව පිළිබඳවද මෙහිදී වැඩිදුර සාකච්ඡා පැවැත්වෙනු ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button