ප්‍රධාන පුවත්

2026 මුල් මාස 2 තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින් ලක්ෂ4 ඉක්මවයි

2026 වසර ආරම්භයේ සිට පෙබරවාරි 12 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 400,000 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

එම කාලසීමාව තුළ සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 401,787ක් ලෙස වාර්තා වී ඇත. ජනවාරි 1 සිට පෙබරවාරි 12 දක්වා මෙම වර්ධනය සටහන් වී ඇති අතර, එක් දිනකදී වාර්තා වූ ඉහළම සංචාරක පැමිණීම පෙබරවාරි 12 වනදා සිදුවී තිබේ. එදින පමණක් සංචාරකයින් 12,731 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

රටවල් අනුව සලකා බැලූ විට, වැඩිම සංචාරකයින් පිරිස ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 70,880කි. එමෙන්ම බ්‍රිතාන්‍යයෙන් 44,053ක්, රුසියාවෙන් 36,949ක්, ජර්මනියෙන් 28,332ක් සහ චීනයෙන් 22,309ක් මෙරටට පැමිණ ඇති බව ද සඳහන් වේ.

තවද ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද සැලකිය යුතු සංචාරක පැමිණීම් වාර්තා වී තිබේ.

පෙබරවාරි මාසයේ පළමු දින 12 තුළ පමණක් සංචාරකයින් 124,460 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, මේ වන විට 2026 වසරේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රබල වර්ධන මාර්ගයක ගමන් කරන බව අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button