ප්‍රධාන පුවත්

මියන්මාර රජයෙන් සහල් මෙට්‍රික් ටොන් 500ක්

දිට්වා සුළිකුණාටුවෙන් ආපදාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා මියන්මාර රජය ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 500ක් සහනාධාර ලෙස ලබාදී ඇත.

 

මෙම සහල් තොගය අද (09) දිනයේදී වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වෙත භාර දෙනු ලැබුවේ, ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි Marlar Than Htaik මහත්මිය විසිනි.

 

දිට්වා සුළිකුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරට වගා බිම්වලින් සියයට 20කට ආසන්න ප්‍රමාණයක් හානියට පත්ව ඇති අතර, එම ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මූල්‍යමය ආධාරවලට අමතරව මෙම සහල් මෙට්‍රික් ටොන් 500ක තොගය පරිත්‍යාග කිරීමට මියන්මාර රජය පියවර ගත් බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button