ප්‍රධාන පුවත්

කස්සප හිමියන් ඇතුළු පිරිස යලි රක්ෂිත බන්ධනාගාරයට

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන්  පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු  පිරිස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  යළි ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, ඊට අදාළ නඩුව අද (09) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ අද විභාග කිරීමෙන් අනතුරුවයි.

ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේයැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කර තිබූ පැමිණිල්ලට අනුව මෙම නීති කෘත්‍ය ක්‍රියාත්මක වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button