
ප්‍රධාන පුවත්
වැඩතහනම්වූ චමින්ද කුලරත්න මහතාගේ පැමිණිල්ල විභාග කිරීමට තීරණයක්
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ව සිටියදී වැඩතහනමට ලක්වූ චමින්ද කුලරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ගොනු කර තිබූ පැමිණිල්ල විභාග කිරීම සඳහා එම කොමිෂන් සභාව තීරණය කර තිබේ.
වැඩතහනමට ලක් වූ චමින්ද කුලරත්න මහතා කථානායකවරයාට එරෙහිව මෙම පැමිණිල්ලක් ගොනු කළේය.
ඒ අනුව පසුගියදා රැස්වූ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
මෙම පැමිණිල්ල සම්බන්ධව එහිදී සාකච්ඡාවට ලක්ව ඇති බවද සඳහන් විය. එහිදී මෙම පැමිණිල්ල ඉදිරියේදී විභාගයට ගැනීමට තීරණය වී ඇත.
ඒත් සමග වැඩතහනමට ලක්වූ චමින්ද කුලරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක්ද විභාග කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර තිබේ.



