ප්‍රධාන පුවත්

PC වරයෙකුට තියුණු ආයුධයකින් තුවාල සිදුකල PC රිමාන්ඩ්

හැටන් – බගවන්තලාව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමක් සිදුකර පොලිස් කොස්තාපල්වරයෙකුට තුවාල සිදු කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගත් තවත් පොලිස් කොස්තාපල්වරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඒ අනුව, රිමාන්ඩ් භාරයට පත් කර ඇති එම පොලිස් නිලධාරියාගේ සේවය තහනම් කිරීමටද බලධාරීන් පියවර ගෙන ඇත.

වාර්තා වන්නේ පසුගියදා මෙම පොලිස් කොස්තාපල්වරු දෙදෙනා අතර භට නිවස්නය තුළ ඇතිවූ වාද විවාදයක් දුරදිග ගොස්, එක් කොස්තාපල්වරයෙකු විසින් අනෙක් කොස්තාපල්වරයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බවය.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා උදර ප්‍රදේශයේ බරපතළ තුවාල සහිතව මේ වනවිට නාවලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වේ.

අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළැඹෙන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button