ප්‍රධාන පුවත්

ගැටඹේ ජල තුළුමුව සහ පොම්පාගාරය යළි ජනතා අයිතියට

ගැටඹේ ජල තුළුමුව සහ පොම්පාගාරය ‘දිට්වා’ සුළිකුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් හානි වී අක්‍රිය වීමෙන් පසු සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර අද (29) යළි ජනතා අයිතියට පත් කර තිබේ.

ගැටඹේ ජල තුළුමුව සහ පොම්පාගාරය රුපියල් මිලියන 350කට අධික වියදමින් නවීකරණය කර යළි විවෘත කෙරේ

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රතිසංස්කරණය කළ ජල තුළුමුව සහ පොම්පාගාරය විවෘත කිරීම සිදු කෙරිණි.

මේ සඳහා රුපියල් මිලියන 350කට අධික මුදලක් වැය කර ඇති අතර, ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කටයුතු මහනුවර මහ නගර සභාවේ අරමුදල් යොදා ගනිමින් සිදුකර තිබේ.

අනාගතයේදී ඇතිවිය හැකි ආපදා සහ අවදානම් තත්ත්වයන්ට වඩාත් සාර්ථකව මුහුණදීමේ හැකියාව ඇති වන පරිදි මෙම ජල පද්ධතිය වැඩිදියුණු කිරීම ද විශේෂත්වයකි.

මෙම නවීකරණයත් සමඟ මහනුවර ප්‍රදේශයේ ජනතාවට අඛණ්ඩව ජල සැපයුම් සේවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බව සඳහන් වේ.

තවත් විශේෂත්වයක් වන්නේ මෙම ප්‍රතිසංස්කරණ කටයුතු මහනුවර මහ නගර සභාවේ ඉංජිනේරුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සෘජු දායකත්වයෙන් සිදුකර තිබීමයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button