ප්‍රධාන පුවත්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවා හෙට සාමාන්‍ය පරිදි

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සියලුම රාජකාරි කටයුතු හෙට (30) දිනයේදී කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර සහ වීසා සේවා ඇතුළු සියලු කටයුතු හෙටත් බාධාවකින් තොරව

වෘත්තීය සමිති විසින් සංවිධානය කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් හෙට දිනයේදී එම දෙපාර්තමේන්තුවේ සේවා සාමාන්‍ය පරිදි සිදු නොවන බවට පැතිර යන ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යාංශය මේ බව පැහැදිලි කර තිබේ.

එම ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව අවධාරණය කරන අමාත්‍යාංශය, විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සහ වීසා සම්බන්ධ කටයුතු ඇතුළු දෙපාර්තමේන්තුව මගින් සාමාන්‍යයෙන් සිදුකරන සියලුම සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව සඳහන් කරයි.

ඒ අනුව, හෙට දිනයේදී කිසිදු ප්‍රමාදයකින් හෝ බාධාවකින් තොරව මහජනතාවට අදාළ සේවාවන් ලබාගත හැකි බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button