උණුසුම් පුවත්

වෑන් රථය පැහැරගෙන ගිය සැකකරුවන්ට පොලිසියෙන් වෙඩි – අයෙකුට තුවාල

වෑන් රථයක් පැහැරගෙන පලායමින් සිටි සැකකරුවන් පිරිසක් ඉලක්ක කර ඇහැළියගොඩ, පරකඩුව අඟුරුවංගුව ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් එක් සැකකරුවෙකු තුවාල ලබා තිබේ.

වෑන් රථය පැහැරගෙන ගිය සැකකරුවන් පසුපස හඹාගිය පොලිසියෙන් වෙඩි ප්‍රහාරයක් – අයෙකු රෝහලේ

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු රෝහල්ගත කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

අදාළ වෑන් රථය පැහැරගෙන ගොස් ඇති බවට එහි හිමිකරු අද (28) පෙරවරුවේ අවිස්සාවේල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය, අදාළ වෑන් රථය ගමන් කරන ප්‍රදේශයට ආසන්නව රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව පොලිස් නිලධාරීන් වෑන් රථය නතර කිරීමට සංඥා කළද, සැකකරුවන් එය නොනවත්වා ඉදිරියට ධාවනය කර තිබේ.

පසුව පොලිසිය වෑන් රථය පසුපස හඹාගොස් ඇහැළියගොඩ, පරකඩුව අඟුරුවංගුව ප්‍රදේශයේදී එය නතර කරගැනීමට සමත්ව ඇත.

එහිදී එක් සැකකරුවෙකු එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර, තවත් සැකකරුවෙකු පොලිස් නිලධාරීන්ට පහරදී පලායාමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේදී සැකකරු පාලනය කිරීම සඳහා පොලිසිය වෙඩි තැබීමක් සිදුකර ඇති අතර, එම වෙඩි ප්‍රහාරයෙන් ඔහු තුවාල ලබා තිබේ.

සිද්ධියෙන් පලාගිය අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button