
උණුසුම් පුවත්
නොවැ. 30 වෘත්තීය සමිති වැඩවර්ජනයට GMOA සහාය පළ කරයි
නොවැම්බර් 30 වෘත්තීය සමිති වැඩවර්ජනයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ද සහාය ලබාදීමට තීරණය කර තිබේ.
නොවැ. 30 වෘත්තීය සමිති වැඩවර්ජනයට GMOA සහාය ලබාදීමට අද මධ්‍යම කාරක සභාවේදී තීරණය කරයි.
ඒ අනුව, එදින දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්වීමට GMOA අද (27) තීරණය කර ඇත.
මෙම වැඩවර්ජනයට සහභාගී වන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිත බව එහි සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මීට පෙර සඳහන් කර තිබුණි.
ඒ අනුව, අද රැස්වූ මධ්‍යම කාරක සභාව විසින් අදාළ කරුණ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව නොවැම්බර් 30 වැනිදා පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.



