
උණුසුම් පුවත්
ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට පැමිණෙයි
ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත පැමිණ සිටින බව ‘අද දෙරණ’ වාර්තාකරු සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ යාපනයේ නඩුවට මාර්ගගතව සාක්ෂි ලබාදීමට නියමිතයි
2011 වසරේදී මානව හිමිකම් ක්රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව යාපනය මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන නඩුවේ වැඩිදුර සාක්ෂි ලබාදීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස අධිකරණයට පැමිණ තිබේ.
ඒ අනුව, කොළඹ මහේස්ත්රාත් අධිකරණයේ සිට මාර්ගගත ක්රමවේදය ඔස්සේ යාපනය මහේස්ත්රාත් අධිකරණය වෙත සම්බන්ධ වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සාක්ෂි ලබාදීමට නියමිතය.



