
ගෝඨාභය රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමේ ඉල්ලීම ප්රතික්ෂේප වෙයි
ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඉදිරිපත් කළ ඉල්ලීම කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (25) ප්රතික්ෂේප කර තිබේ.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව හිටපු ජනාධිපතිවරයාට මෙම විදෙස් ගමන් තහනම පනවා තිබුණි.
එම තහනම තාවකාලිකව ඉවත් කර දෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබූ අතර, ඊට අදාළ නියෝගය ප්රකාශයට පත් කරමින් මහේස්ත්රාත්වරයා එම ඉල්ලීම ප්රතික්ෂේප කර ඇත.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය පිළිබඳ තොරතුරු වසන් කිරීම සහ ඒ සම්බන්ධ විමර්ශන නොමඟ යැවීමේ චෝදනා යටතේ රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව අදාළ නඩු කටයුත්ත කොටුව මහේස්ත්රාත් අධිකරණයේ පවතී.
එම නඩු කටයුත්තට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කිරීමේ ඉල්ලීම මෙලෙස අධිකරණය විසින් ප්රතික්ෂේප කරනු ලැබීය.



