
OPEC අරමුදලෙන් ඩොලර් මිලියන 30ක ණයක් ගැනීමට කැබිනට් අනුමැතිය
OPEC අරමුදලෙන් ඩොලර් මිලියන 30ක ණයක් ලබා ගැනීම සඳහා රජය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
OPEC අරමුදලෙන් ඩොලර් මිලියන 30ක ණයක් ලබා ගැනීමේ යෝජනාවට ජනපතිගෙන් කැබිනට් අනුමැතිය
රට තුළ ක්‍රියාත්මක වන වර්ධනය, ඔරොත්තු දීමේ හැකියාව සහ විවෘතභාවය ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුමට සහාය ලබා ගැනීම සඳහා මෙම ණය පහසුකම ලබා ගැනීමට නියමිතය.
ඒ අනුව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ OPEC අරමුදලේ මූල්‍ය සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.
ශ්‍රී ලංකාව මේ වන විට සාර්ව ආර්ථික ස්ථාවරත්වය යළි ගොඩනැගීම, රාජ්‍ය මූල්‍ය තිරසරභාවය තහවුරු කිරීම සහ තිරසර මෙන්ම සියලු පාර්ශ්වයන්ට ප්රතිලාභ සැලසෙන ආර්ථික වර්ධනයක් ඇති කිරීම අරමුණු කරගත් පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටී.
ආර්ථික ස්ථායිකරණය, ප්‍රකෘතිමත් කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඇතුළත් මෙම වැඩපිළිවෙළේ ප්‍රගතිය සහ රජයේ ප්‍රතිපත්තිමය කැපවීම් පිළිබඳ ධනාත්මක ඇගයීමකින් පසුව OPEC අරමුදල මෙම ණය මුදල ලබාදීමට එකඟතාව පළ කර තිබේ.
මෙම අමෙරිකානු ඩොලර් මිලියන 30ක ප්‍රතිපත්ති පාදක ණය පහසුකම ලෝක බැංකුව විසින් සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම යටතේ ලබාදෙන මූල්‍ය සහායට සමගාමීව ලබාදීමට නියමිත බව ද සඳහන් වේ.
අදාළ ණය මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 24ක් සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් යටතේත්, ඉතිරි ඩොලර් මිලියන 6ක මුදල විශේෂ ප්‍රාග්ධන සම්පත් යටතේත් ලබා ගැනීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව OPEC අරමුදලෙන් මෙම ණය පහසුකම ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.



