
ප්‍රධාන පුවත්
ITAK පක්ෂය 2027 අයවැයට විරුද්ධව ඡන්දය දීමට තීරණය කරයි
ITAK පක්ෂය 2027 අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂය පවසයි.
අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා මේ බව ප්‍රකාශ කළේය.
ITAK පක්ෂය 2027 අයවැයට විරුද්ධව ඡන්දය දීමට ගත් තීරණයට හේතුවත් හෙළි කරයි
මෙතෙක් ඉදිරිපත් වූ අයවැය දෙක සඳහා සිය පක්ෂය සහාය ලබාදුන් නමුත් මෙවර අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති බව ඔහු එහිදී අවධාරණය කළේය.
වත්මන් ආණ්ඩුව දෙමළ ජනතාවගේ අභිලාෂයන් සහ ඔවුන් මුහුණ දෙන දේශපාලන ගැටලු පිළිබඳව නිසි අවධානයක් යොමු නොකිරීම මෙම තීරණයට හේතු වී ඇති බවද එස්. ශ්‍රීධරන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



