
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකට
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් මතය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය සඳහන් කරයි.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට දැනුම්දීමට සූදානම්
ඒ අනුව අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඉදිරි දිනයකදී කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතව තිබේ.
රජය විසින් ඉදිරිපත් කරන ලද සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම් විභාගය පසුගිය 9 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කරනු ලැබීය.
එම අවස්ථාවේදී අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන සිය රහසිගත නිගමනය කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බවද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබුණි.
මේ අතර, පෙත්සම් විභාගය පැවැත්වෙන අතරතුර පනත් කෙටුම්පතේ මතභේදයට තුඩුදී ඇති කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සිදුකිරීමට යෝජිත සංශෝධනද නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.



