
ප්‍රධාන පුවත්සමාජ සේවා
2026 දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගය නොවැම්බර් 29 වැනිදා
2026 දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගය නොවැම්බර් මස 29 වැනිදා පැවැත්වීමට නියමිත බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය නිවේදනය කරයි.
2026 දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර සහ කාලසටහන වෙබ් අඩවියෙන්
දිවයිනේ අයදුම්කරුවන් වෙනුවෙන් පැවැත්වෙන මෙම විභාගය කොළඹ 10 පිහිටි ආනන්ද විද්‍යාලයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
විභාගයට අදාළ ප්‍රවේශ පත්‍රය සහ කාලසටහන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ඔස්සේ ලබාගැනීමට පහසුකම් සලසා ඇත.
ඒ අනුව www.moj.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ප්‍රවේශ පත්‍රය සහ විභාග කාලසටහන ලබාගත හැකි බව අමාත්‍යාංශය සඳහන් කරයි.
2026 අගෝස්තු මස 31 වැනිදා දක්වා සිංහල/ඉංග්‍රීසි සහ සිංහල/දෙමළ යන භාෂා විෂයයන් සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ අයදුම්කරුවන් වෙනුවෙන් මෙම විභාගය පැවැත්වීමට නියමිත බවද වැඩිදුරටත් දැනුම් දී තිබේ.



